ප්‍රමුඛ පුවත 1

හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට වසර තුනක සිරදඬුවමක්

(UTV| කොළඹ) – අල්ලස් පනත යටතේ චෝදනාවකට වරදකරු වු හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතාට වසර 03 ක සිරදඬුවමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (02) නියම කළේය

තවද ඔහුට රුපියල් ලක්ෂ 3 ක දඩයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් නියම කර තිබේ.

ඔහු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සමයේ 2007 කාල වකවානුවේදී මාතලේ ඉදිකළ සිය නිවසේ වැඩට ග්‍රාමාරක්ෂකයන් 05 ක් හා කොස්තාපල්වරුන් දෙදෙනෙක් නීති විරෝධීව යොදා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව ඔහුට එරෙහිව නඩු පවරා තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රදේශ කීපයක පැය 24 ක් ජල සැපයීම අත්හිටුවයි

Mohamed Dilsad

බටහිර ඉන්දීය කොදෙව්වන් පරදා සිංහයන්ට ජය

Mohamed Dilsad

“උතුරේ වී ගොවීන්ට අස්වැන්නට සාධාරණ මිලක්”ඇමති රිෂාඩ් කියයි

Mohamed Dilsad

Leave a Comment