ප්‍රමුඛ පුවත 1

“උතුරේ වී ගොවීන්ට අස්වැන්නට සාධාරණ මිලක්”ඇමති රිෂාඩ් කියයි

(උදයම්,මන්නාරම)  – මින් ඉදිරියට උතුරේ ගොවීන්ට අතරමැදිකරුවන්ට හසු නොවී තම අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාගැනීමට හැකිවන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ ඊයේ මන්නාරම ධාන්‍ය ගබඩා සංකීර්ණය ගොවි ජන අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා “අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හැම විටම මන්නාරම ජනතාව වෙනුවෙන් මෙන්ම උතුරේ ජනතාව වෙනුවෙන් කතා කරයි. ඔහු සෑම විටම විවිධ සංවර්ධන කටයුතු සඳහා මුදල් ඉල්ලයි. අද ද ඔහු බස් නැවතුම්පොළක් සඳහා රජයෙන් මුදල් ඉල්ලා සිටියා. මන්නාරමට සියලු නවීන පහසුකම් සහිත බස් නැවතුම් පොළ දෙන්න රජය සූදානම්. අප සියලු ප්‍රජාවන්ට   ප්‍රතිලාභ ලබාදෙමින් මුළු රටම සංවර්ධනය කිරීමට කැපවනවා” යැයි කියා සිටියේය.

ලෝක බැංකු ආධාර මත රුපියල් මිලියන 264ක වියදමින් මන්නාරම නානාට්ටාන් ප්‍රදේශයේ ඉදි කෙරුණු මෙම ධාන්‍යාගාරය තුළ ධාන්‍ය මෙට්‍රික් ටොන් 10,000ක් එකවර ගබඩා කිරීමේ හැකියාව පවතී. වර්ග අඩි 21,586ක වපසරියකින් මෙම ගබඩා සංකීර්ණය සමන්විත ය. මෙමගින් ගොවීන් දහසකට පමණ ප්‍රතිලාභ හිමිවේ. වී, මුං, කව්පි, සෝයා, රටකජු ආදී ධාන්‍ය මෙහි ගබඩා කළ හැකි ය.

කෘෂි කර්මාන්තයෙන් රට ස්වංපෝෂිත කිරීමේ රජයේ ප්‍රතිපත්තිය යටතේ අතිරික්ත ධාන්‍ය ගබඩා කිරීම සඳහා වන ගුදම් කුවිතාන්සි මූල්‍යකරණ ක්‍රමය තව දුරටත් ව්‍යාප්ත කිරීමට මෙමගින් අවස්ථාව හිමිවෙයි. ගලෙන්බිඳුණු වැව සහ බුත්තල ධාන්‍යාගාර දැනටමත් ක්‍රියාත්මක අතර එහි තුන් වැන්න ලෙස මන්නාරම ධාන්‍යාගාරය විවෘත කෙරිණි. මීට අමතරව ඉදිරියේ දී කිලිනොච්චි සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශවල ද මෙවැනි ගබඩා ඉදි කිරීමට සැලසුම් කර ඇත. රජය ඊට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 600කි.

 

 

Related posts

ඇමරිකානු යුද හමුදා කදවුරක් පිහිටුවීමේ කිසිදු සැලසුමක් නැහැ – අමෙරිකානු තානාපතිනී

Mohamed Dilsad

රාජ්‍ය ඖෂධ සංස්ථාවේ දූෂණ සෙවීමට කොමිටියක් – සෞඛ්‍ය ඇමතිනී

Mohamed Dilsad

ගෝඨා විශේෂ මහාධිකරණයට

Mohamed Dilsad

Leave a Comment