කලා

“ස්වර්ණා මල්ලවආරච්චි පනස් වසරක සිනමාභිමානය”ජනපතිට පිළිගන්වයි

(උදයම්,කොළඹ) –  ප්‍රවීණ සිනමා නිළි ස්වර්ණා මල්ලවආරච්චි මහත්මියගේ සිනමා ජීවිතයට වසර 50 ක් සපිරීම නිමිත්තෙන් උපහාර උත්සවයක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පස්වරුවේ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණි.

වසර 50 ක සිය සිනමා රංගන ජීවිතය තුළ ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය ශ්‍රී ලාංකේය සිනමාවට සිදුකළ සේවාව අගයමින් උපහාර තිළිණයක් පිළිගැන්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

”සිනමාවේ ගැහැණිය ස්වර්ණා මල්ලවආරච්චි පනස් වසරක සිනමාභිමානය” සමරු ග්‍රන්ථය ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූවාය.

ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් ද සිනමා අධ්‍යක්ෂවරුන්, සිනමා රංගන ශිල්පීන්, කලාකරුවන් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් මෙම උත්සවයට එක්ව සිටියහ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/01/SWARNA-MALLAWARCHCHI-1-UDM-SIN.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/01/SWARNA-MALLAWARCHCHI-2-UDM-SIN.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/01/SWARNA-MALLAWARCHCHI-3-UDM-SIN.jpg”]

Related posts

නේහාගේ ‘මිලේ හෝ තුම්’ ගීතය නැරඹුම් වාර මිලියන 20 ඉක්මවයි

Mohamed Dilsad

Godzilla Vs. Kong ආදායම් වාර්තා අලුත් කරයි

Mohamed Dilsad

Margot Kidder දිවියෙන් සමු ගනී

Mohamed Dilsad

Leave a Comment