කලා

වොන්ඩර් වුමන් ඔක්තොම්බර් මුල් සතියේ

(UTV | කොළඹ ) – මේ වසරේ ඔක්තොම්බර් 02 වැනිදා සුපිරි චිත්‍රපටයක් ලෙස සැළකෙන “වොන්ඩර් වුමන්” චිත්‍රපට මාලාවේ අලුත්ම කතාංගය ඇතුළත් “වොන්ඩර් වුමන් 1984” චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

35 වැනි වියෙහි පසුවන සුපිරි හොලිවුඩ් සිනමා නිළි ගාල් ගැඩොට් මෙහි “වොන්ඩර් වුමන්” ලෙස රංගනයෙන් දායක වෙන අතර , මීට පෙර නිකුත් වූ “වොන්ඩර් වුමන්” චිත්‍රපටයේ බොහෝ දෙනෙකු මෙහිද දකින්නට ලැබෙන බවට තොරතුරු වාර්තා වෙයි.

“කොරෝනා” වයිරසය මෙම චිත්‍රපටය තිරගත වන කාලසීමාවේදී අඩු නොවුණහොත් චිත්‍රපටය තිරගත වෙන මෙම දිනයද තව දුරටත් කල්යනු ඇති බව ඇමෙරිකානු චිත්‍රපට පාලක මණ්ඩල බලධාරින් පවසයි.

 

Related posts

උතුරු සුළඟ – ළඟදීම සිනමාහලට

Mohamed Dilsad

දේශපාලනයට කැප සහ අකැප කලා තරු

Mohamed Dilsad

සුශාන්ත්ගේ අවසන් චිත්‍රපටය අන්තර්ජාලයට

Mohamed Dilsad

Leave a Comment