ප්‍රමුඛ පුවත 1

රටට ආදරය නම් 19 සංශෝධනය කල යුතුයි – ජනපති කියයි

(UTV| කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණයෙන් කවුරුන් බලයට පැමිණියත් ඔහු රටට ආදරය කරන අයෙක් නම්, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපති මන්දිරයේ පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

ජනමත විචාරණයක් පැවැත්වීමට සූදානමක් පවතින බවට පළ වන වාර්තා අසත්‍යයක් බවත් මෙහිදී ජනාධිපතිවරයා පැවසීය.

එසේම ඇමරිකාව සමග අත්සන් කිරීමට නියමිත සෝෆා සහ ඇක්සා ගිවිසුම්වලට තමන් විරුද්ධ බව පැවසු ජනාධිපතිවරයා සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මරණ දඬවුමට නියම වී සිටින රැඳවියන් 4 දෙනෙකුට එම දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා තමන් අත්සන් තබා ඇති බවත් ඔවුන්ට මරණ දඬුවම ලබාදීම ලඟදීම සිදුවනු ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට ඇප [UPDATE]

Mohamed Dilsad

වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කල වෙළඳුන්ට නීතිමය පියවර

Mohamed Dilsad

‘සියොන්’ දේවස්ථානය වෙත ප්‍රහාරකය පැමිණි යතුරුපැදිය සොයා ගනී

Mohamed Dilsad

Leave a Comment