දේශීයප්‍රමුඛ පුවත 1

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට ඇප [UPDATE]

(UTV | කොළඹ) – වසර තුනක සිර දඬුවමක් නියම වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ඇපමත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.


(UTV | කොළඹ) – කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට අද (07) වසර 3 ක සිර දඬුවමක් නියම කළේය.

ඔහු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධූරය දැරූ සමයේ එනම් 2007 වසරේ මැයි මස 5 වන දා සිට 2008 වසරේ අප්‍රේල් මස 30 වන දා දක්වා කාලය තුළ වාහන 3ක් මිලදී ගැනීමේදී සිදුකළ අවභාවිතාවක් සම්බන්ධයෙන් මෙලෙස ඔහුට දඬුවම් නියම කර තිබේ.

එක් වාහනයකට රුපියල් නව ලක්ෂ 60,000 බැගින් වූ බදු අත්තිකාරම් ගෙවීම ඇතුළු චෝදනා 3ක් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව එල්ල වී තිබුණු අතර රුපියල් ලක්ෂ 3ක දඩ මුදලක් ද ගෙවන ලෙස එහිදී නියෝග කර තිබේ.

Related posts

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

ඇඳිරි නීති කාලයේ අත්අඩංගුවට ගත් පිරිස 15902 දක්වා ඉහළට

Mohamed Dilsad

ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරුන් පත් කරයි

Mohamed Dilsad

Leave a Comment