ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී විමල් සිර මැදිරියේ මාරාන්තික උපවාසයක

(උදයම්,කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (22) බන්ධනාගාරයේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

විමල් වීරවංශ මහතා සිය සිරමැදිරිය තුළ මෙම උපවාසය ආරම්භ කර ඇති බව වාර්තාවේ.

ඔහුගේ ඇප අයදුම්පත මහාධිකරණයෙදී ඊයේ(21) ප්‍රතික්ෂේප විය.මේ නිසා තමන්ට ඇප ලබා නොදී බන්ධනාගාර ගතකිරීමට විරෝධය පළකරමින් මෙම උපවාසය ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් අද(22) පෙරවරුවේ සිට ඔහු ආහාර ගැනීම වර්ජනය කරමින් උපවාසයේ නිරත වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස්  තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

Related posts

මෙරට සමස්ත ආසාදිත පිරිස 1700 ඉක්මවයි [UPDATE]

Mohamed Dilsad

ජාතික පාසල්වල 40,000 කට අධික ශිෂ්‍ය පුරප්පාඩු පිරවීමට පියවර

Mohamed Dilsad

IOC ඉන්දන මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment