ප්‍රමුඛ පුවත 1

පොසොන් උත්සවය නිමිත්තෙන් ප්‍රවාහන අමාත්‍යාංශයෙන් විශේෂ රථවාහන සේවාවක්

(UTV| කොළඹ) – එළැඹෙන පොසොන් උත්සවය වෙනුවෙන් ප්‍රවාහන අමාත්‍යාංශය මගින් විශේෂ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම ප්‍රවාහන සැලැස්ම  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමෙන්තුව සහ ජාතක ගමනාගමන කොමිසම් සභාව යන ආයතනවල දායකත්වයෙන් ක්‍රියාත්මක වේ.

ඒ අනුව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් රජරට, කොළඹ, මහනුවර, ගම්පහ, වයඹ යනාදි ලෙස ප්‍රාදේශික 5ක් ආවරණය වන පරිදි බස්රථ 600ක් ධාවනයට යොදවා තිබේ.

එම අමාත්යංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මෙම ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්ම එළඹෙන 14 වැනිදා සිට 18වැනිදා අලුයම දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

මිට අමතරව මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ලබන 14 වැනිදා සිට අනුරාධපුරය සහ මිහින්තලය අතරත් කොළඹ කොටුව – අනුරාධපුරය, මහව – අනුරාධපුරය, අනුරාධපුරය – බෙලිඅත්ත යන ප්‍රදේශ වලත් මෙලෙස විශේෂ දුම්රිය සේවා යොදවා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හස්ත කර්මාන්ත ශිල්පීන් වෙනුවෙන් පළමු වරට රක්ෂණ යෝජනා ක්‍රමයක්.

Mohamed Dilsad

බස් ගාස්තු අඩු වෙයිද?

Mohamed Dilsad

දෙමටගොඩින් බැස ගිය දුම්රිය නියාමක ගැන පරීක්ෂනයක්

Mohamed Dilsad

Leave a Comment