ප්‍රමුඛ පුවත 1

දෙමටගොඩින් බැස ගිය දුම්රිය නියාමක ගැන පරීක්ෂනයක්

(උදයම්,කොළඹ) – ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ දුම්රියක් අතරමඟ නතර කර බැසගිය දුම්රිය නියාමකවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.    .

මෙම නියාමකවරයා සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් දෙමටගොඩ පොලීසියට පැමිණිල්ලක් ද සිදු කර ඇති බ.
දුම්රිය ගමනා ගමන අධිකාරී විජය  සමරසිංහ මහතා සඳහන් කළේ.

ඊයේ(05)  උදෑසන 07.20ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ නියාමකවරයා දුම්රිය දෙමටගොඩ දුම්රිය ස්ථානයේ නතර කර මෙලෙස ඉන් බැස ගොස් තිබේ.

ඉන් පසු වෙනත් දුම්රිය නියාමකවරෙකු දෙමටගොඩ දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් අදාළ දුම්රිය රඹුක්කන දක්වා ධාවනය කරවීමට පියවර ගෙන ඇත.

මෙම සිද්ධියට අදාළ දුම්රිය නියාමකවරයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව විජය  සමරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

රුපියල් 15,000ක අල්ලස් ගත් විදුහල්පති අත්අඩංගුවට

Mohamed Dilsad

මෙරට වෙළඳ පොලට පෙරළිකාර vivo S1 හඳුන්වා දෙයි

Mohamed Dilsad

ජනාධිපති ගෝඨාභය දිවූරුම් දෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment