ප්‍රමුඛ පුවත 1

ජනපති ඉන්දීය අගමැතිට සුබ පතයි

(UTV| කොළඹ) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  සිය සුබ පැතුම් පිරිනමා තිබේ.

ඒ ඉන්දීය මහ මැතිවරණයෙන් සිය පක්‍ෂය ලබාගත් විශිෂ්ඨ ජයග්‍රහණය සම්බන්ධයෙනි.

දුරකතනයෙන් අමතමින් ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ලබාගත් විශිෂ්ඨ ජයග්‍රහණයට සිය සතුට පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

නරේන්ද්‍ර මෝදිගේ ඉදිරි පාලන කාලය තුළ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවට ජනාධිපතිවරයා එහිදී විශ්වාසය පළ කර ඇත.

මෙහිදී නායකයින් දෙපල සහෝදර රාජ්‍යයන් ලෙස සාමය, ප්‍රජාතන්ත්‍රවාදය හා සංවර්ධනය වෙනුවෙන් සහයෝගයෙන් කටයුතු කිරීමටද සහතික වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයිස් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පත්වෙයි

Mohamed Dilsad

ඉන්ධන මාෆියාවට තිත – ඇමති අර්ජුන කියයි

Mohamed Dilsad

Leave a Comment