ප්‍රමුඛ පුවත 1

වස පානය කල මවක් තම දරුවන්ට කල අපරාධය

(UTV|පොළොන්නරුව)  –  32 හැවිරිදි මවක් විසින් තම දරුවන් තිදෙනාට වස පොවා ඇයද වස පානය කිරීමේ පුවතක් වාර්තාවේ.

ඒ පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ගිරිතලේ අක්බෝපුර යාය 1 ප්‍රදේශයේ කාන්තාවක් විසිනි.

ඊයේ (24) සවස 1ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර විශ ශරීරගතවීම හේතුවෙන් එක් දරුවෙකු මිය ගොස් ඇත.

මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 4ක් වු මනීෂා ඕෂධී තාරුකා නම් එම පවුලේ බාල දරුවායි.

වස පෙවූ කාන්තාව බරපතළ තත්ත්වයෙන් මේ වන විට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව අද දෙරණ වාර්තාකරු පවසයි.

සිදුවීම අවස්ථාවේදී දරුවන්ගේ පියා සිය ඥාතීන්ගේ නිවසක විවාහ මංගල උත්සවයකට සහභාගීව සිට ඇති අතර එදින නැවත නිවසට නොපැමිණ එම ඥාතී නිවසේම නතරවීම පිළිබඳ උරණ වු බිරිඳ විසින් මෙසේ දරුවන් තිදෙනාට වස පොවා තමාත් වස පානය කර ඇති බව අනාවරණය වී ඇත.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මින්නේරිය පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Related posts

අංගොඩ ප්‍රදේශයේ පිහිටි වාහන අංගනයක ගින්නක්

Mohamed Dilsad

LTTEයට එරෙහිව ගෙන ගිය සටන ගැන හිටපු ජනපති ඉන්දියාවේදී කියූ දේ

Mohamed Dilsad

මෙරට සිසුන්ගේ ඉංග්‍රීසි භාෂාව ඉහල නැංවීමට ඇමරිකාවෙන් ස්වෙච්ඡා ගුරුවරුන්

Mohamed Dilsad

Leave a Comment