ප්‍රමුඛ පුවත 1

ඉන්ධන මාෆියාවට තිත – ඇමති අර්ජුන කියයි

(UTV|කොළඹ) – විවිධ හේතූන් මත පහුගිය දවස්වල ඉන්ධනහල් කිහිපයකට සීල් තැබූ බවත් කුමන බලපෑම් ආවද භූමිතෙල් කලවම් කිරීම ඇතුළුව මේ රටේ ඉන්ධන මාෆියාව හැකි ඉක්මනින්ම නතර කිරීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොලොන්නාව නිමාවේ විශේෂ නීරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

කොලොන්නාව නිමාවේ ස්ථාපිත කෙරුණු ගුවන්යානා ඉන්ධන පෙරහන් පද්ධතියේ ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීමේ අරමුණින් එම නීරීක්ෂණ චාරිකාව පැවැත්විණ.

මේ වන විට ඉන්ධන අවභාවිතය වැළැක්වීම සඳහා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් සිදුකරන විශේෂ වැටලීම් ප්‍රමාණය වැඩි කර තිබෙන බවත් ඉදිරියේදී සියලු ම ඉන්ධනහල්වලට සි.සී.ටී.වී කැමරා සවි කිරීමටත් බවුසර් නිරීක්ෂණය කිරීමට ජී.පී.එස්. තාක්ෂණය යොදා ගැනීමටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අදහස් කරමින් සිටින බවත් පෙන්වාදෙන අමාත්‍යවරයා, භූමිතෙල් සඳහා රජය ලබා දෙන සහනාධාරය කොල්ලකෑමට තමන් කිසිවකුටත් ඉඩ නොදෙන බවත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගාලුමුවදොර මැයි රැළියේදී දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

අම්පාරේ බස් අනතුරකින් 36 දෙනෙකු රෝහලේ

Mohamed Dilsad

උතුරු නැගෙනහිර සංවර්ධනයටත්, යුද්ධයෙන් අවතැන්වූ ජනතාව නැවත පදිංචිකිරීමටත් මෙවර අයවැයෙන් වැඩි අවධානයක් – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

Leave a Comment