ප්‍රමුඛ පුවත 1

උතුරු නැගෙනහිර සංවර්ධනයටත්, යුද්ධයෙන් අවතැන්වූ ජනතාව නැවත පදිංචිකිරීමටත් මෙවර අයවැයෙන් වැඩි අවධානයක් – ඇමති රිෂාඩ්

(UTV| කොළඹ) – මෙවර අයවැයෙන් රජයේ සේවකයින්ට ,ගොවීන්ට ඇතුලු සමස්ත රටේ සාමාන්‍ය ජනතාවට සහන රැසක් ලැබී ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු,දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචිකිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

2019 වසර සඳහා වූ අයවැය යෝජනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“මෙවර ඉදිරිපත් කළේ ජනතාවාදී අයවැයක්. මෙවර අයවැයේදී සාමාන්‍ය ජනතාවට මේ රජය සහන රැසක් දෙන්න කටයුතු සූදානම් කරලයි තියෙන්නේ. මේ යෝජනා එළඹෙන අගෝස්තු මාසයට පෙර ක්‍රියාත්මක කරන්න පුලුවන් වේවි යැයි  ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් විදියට අපි විශ්වාස කරනවා.

විශේෂයෙන් උතුරු නැගෙනහිර සංවර්ධනයටත්, යුද්ධයෙන් අවතැන්වූ ජනතාව නැවත පදිංචිකිරීම වෙනුවෙන් මෙවර අයවැයේදී ඉඩක් වෙන් කිරීම පිළිබඳව අපි ආණ්ඩුවට ස්තූතිවන්ත වෙනවා.සෑම දෙනෙකුටම සමව සලකන්න ආණ්ඩුව ගන්න මේ උත්සාහය ප්‍රශංසනීයයි.

පෙර වසරේ (2018) අයවැය  යෝජනා නිවැරදි ලෙස ක්‍රියාත්මක වුණේ නැහැ කියන මතයේ පිරිසක් ඉන්නවා.ඒකට හේතුව ලෙස මම දකින්නේ පසුගිය ඔක්තෝබර් මාසයේ රට තුළ හදිසියේ ඇතිවූ දේශපාලන අස්ථාවර භාවයයි.මේ කාලය තුළ රටේ සංවර්ධනය අඩාලවුණා.අපිට ජනතාවට සේවයක් කරන්න බැරිවුණා.

සංවර්ධනාත්මක වගේම ජනතාවාදී අයවැයක් ඉදිරිපත් කිරීම පිළිබඳව මුදල් අමාත්‍යවරයාට වගේම රජයටත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන සමස්ත ලංකා මහජන කොංග්‍රසයයේ නායකයා ලෙස මෙන්ම රජයේ කැබිනට් අමාත්‍යවරයකු ලෙසටත් මා ස්තූතිවන්ත වෙනවා”.

Related posts

සාමාන්‍ය පෙළ සමත්වීමේ ප්‍රතිශතය ඉහළට

Mohamed Dilsad

ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දීමේ උත්සවයට ලක් රජයටත් ආරාධනා

Mohamed Dilsad

කාලගුණ අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment