ප්‍රමුඛ පුවත 1

ඕමානය බලා පිටත්ව ගිය අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යලි දිවයිනට

(UTV| කොළඹ) – ඕමානයේ නිල සංචාරයක් සඳහා පසුගිය 04 වනදා දිවයිනෙන් පිටත්ව ගිය කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලිනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරිම හා සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ (07) දිනයේ යලි දිවයිනට ළඟා වූ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.

මෙම සංචාරය තුළදි ඕමාන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය අලි මසූඩ් අල් සුනයිඩ් මහතා සමඟ සාකච්ඡා පවත්වා තිබේ.

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ආයෝජන ප්‍රවර්ධන හා සුරක්ෂිත භාවය පිළිබඳ වන ගිවිසුම හා එහි අවසන් අදියරේ සැකැස්ම පිළීබඳ මෙහිදී අවධානය යොමුවූ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ඕමාන රාජය නිරතුරුවම අවශ්‍ය උපකාර සිදු කරන බව ඕමාන කර්මාන හා වාණිජ කටයුතු අමාත්‍යවරයා එහිදී සදහන් කර ඇති බවද එම අමාත්‍යාශය වැඩි දුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපතිවරයා අත්අඩංගුවට

Mohamed Dilsad

යශෝධ රංගේබණ්ඩාර යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

මහනුවරට හෙට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment