ප්‍රමුඛ පුවත 1

අද සහ හෙට දිස්ත්‍රික්ක 8ක ඩෙංගු මර්දන වැඩසටහනක්

(UTV| කොළඹ) – ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් ඩෙංගු මර්දනය පිළිබඳ දෙදින විශේෂ වැඩසටහනක් අද (12) සහ හෙට (13)  ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, යාපනය, වව්නියාව, ත්‍රීකුණාමලය හා මඩකළපුව යන දිස්ත්‍රික්ක අට අවරණය කරමින් මෙම වැඩසටහන ක්‍රියාතමක වෙයි.

හඳුනාගත් වැඩි අවධානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ 52ක කණ්ඩායම් 880ක් සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය,ඩෙංගු මර්දනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකාය සැලසුම් කොට තිබේ.

මෙම වැඩසටහන සඳහා සියලුදෙනාගේ සහයෝගය අපේක්ෂා කෙරේ. ඕනෑම පරිශ්‍රයක ඩෙංගු මදුරුවන් බෝවීමේ අවධානමක් ඇති හෙයින් අවම වශයෙන් සතියකට විනාඩි තිහක් මේ පිළිබඳව විපරම් කොට මදුරුවන් බෝ විය හැකි ස්ථාන ඉවත්කර ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාව වෙත දැනුම් දෙයි.

එමෙන් ම පාසල් තුළ සෑම සිකුරාදා දිනකම විනාඩි තිහක කාලය ( පෙ.ව. 11.00 සිට 11.30 දක්වා ) මදුරුවන් බෝ වන ස්ථන ඇත්දැයි සොයා බලා ඒවා ඉවත් කිරීමට හෝ මදුරුවන් බෝ නොවන ආකාරයෙන් පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස දන්වා සිටියි.

ළඳරුවන්ට හා ගර්භණී මව්වරුන්ට උණ තත්ත්වයක් ඇති වූ වහාම නොපමාව ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබාගැනීම කළ යුතු බවද ඩෙංගු මර්දන ඒකකය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

BREAKING NEWS – කේ.ඩී. ලාල්කාන්ත පොලිස් අත්අඩංගුවට…

Mohamed Dilsad

නෝර්වේ විදේශ ඇමතිනිය නිළ සංචාරයක් සදහා දිවයිනට…

Mohamed Dilsad

රථ වාහන වැරදි 10 ක් පිළිබඳ දඩ ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය..

Mohamed Dilsad

Leave a Comment