ප්‍රමුඛ පුවත 1

BREAKING NEWS – කේ.ඩී. ලාල්කාන්ත පොලිස් අත්අඩංගුවට…

(Utv sinhala | කොළඹ) – අනුරාධපුරයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී.ලාල්කාන්ත අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

ලාල්කාන්ත මහතා පැදවූ කැබ් රථය සහ යතුරුපැදියක් අනුරාධපුර බන්ධනාගාරය ආසන්නයේදී මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේ කේ.ඩී.ලාල්කාන්ත මහතා බීමතින් සිට ඇති බව මූලික විමර්ශනවලදී තහවුරු වූ බවයි.

Related posts

පූජිත් සහ හේමසිරිගේ පෙත්සම් සලකා බැලීමට දින නියම කරයි [UPDATE]

Mohamed Dilsad

සමූපකාර දින ජාතික සැමරුම් උළෙල අද මඩකලපුවේදී

Mohamed Dilsad

අයිස් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment