ප්‍රමුඛ පුවත 1

රථ වාහන වැරදි 10 ක් පිළිබඳ දඩ ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය..

(UTV| කොළඹ) – මෝටර් රථ වාහන පනත යටතේ සිදුකරනු ලබන බරපතල වැරදි කිහිපයක් සඳහා අය කරනු ලබන දඩ මුදල් සංශෝධනය කිරිම සඳහා යෝජනාවට කැබිනට් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමීව තිබේ.

මාර්ග අනතුරු සඳහා හේතුවන බරපතල වැරදි කිහිපයක් සම්බන්ධයෙන් දඩ මුදල් ඉහළ දැමිමට මීන් පෙර යෝජනා වු අතර එ සම්බන්ධයෙන් සොයා බැලිමට ජනාධිපතිවරයා පත් කළ කමීටු වාර්තාවේ නිර්දේශ පදනම් කර ගනිමීන්, බරපතල වැරදි 10 ක් සඳහා අදාළ සංශෝධනය සිදු කිරිම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව එ සඳහා වු පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරිමටත් , ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමටත් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමීව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුස්ලිම් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීම ගැන මන්ත්‍රී සුමන්තිරන්ගෙන් ප්‍රකාශයක්.

Mohamed Dilsad

ජනතාව ඉදිරියේදී තමන් නිවැරදි බවට තීරණය කරයි [VIDEO]

Mohamed Dilsad

අනුරුද්ධ පොල්ගම්පොළ ඇප මත නිදහස්

Mohamed Dilsad

Leave a Comment