දේශීයප්‍රමුඛ පුවත 1

ඉන්දීය සංචාරය නිමවා අගමැති මහින්ද යළි දිවයිනට

(UTV | කොළඹ) –  සිව් දින ඉන්දියානු රාජ්‍ය සංචාරය අවසන් කිරීමෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස අද (11) පස්වරුවේ දිවයිනට පැමිණයේය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ඇරයුමකට අනුව මෙම සංචාරයට එක්වූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දීය රජය ඉහළ පිළිගැනීමක් ද ලැබුණි.

ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික හමු අවසන් වීමෙන් පසුව අග්‍රාමාත්‍යවරයාට නවදිල්ලි නුවර සිට වාරානාසි, සාරානාත්, බුද්ධගයාව හා තිරුපති හී සංචාරය කිරීමට සහ නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට විශේෂ ගුවන් යානයක් ලබාදීමට ද ඉන්දීය රජය කටයුතු කර තිබිණි.

ඒ අනුව ඉන්දීය රජයෙන් ලබා දුන් එම විශේෂ ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යවරයා අද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලට පැමිණයේය.

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළට

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රජා අයිතිය ගැන දුමින්ද නාගමුවගෙන් ප්‍රකාශයක්

Editor O

කොරෝනා මරණ 191 ක් දක්වා ඉහළ යයි [RELEASE]

Mohamed Dilsad

Leave a Comment