ප්‍රමුඛ පුවත 1

කොරියානු ජන රජයේ විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට

(උදයම්,කොළඹ)  – කොරියානු ජන රජයේ විදේශ කටයුතු අමාත්‍යවරයා නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි. ඊයේ රාත්‍රී 11.55ට පමණ අමාත්‍ය යුන් බියුන්ග්සෙ මහතා දිවයිනට මපින තිබේ.වසර 31කට පසුව කොරියානු ජන රජයේ විදේශ කටයුතු අමාත්‍යවරයෙකු මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර, රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි 40 වන සංවත්සරය සනිටුහන් කිරීම සඳහා ඔහු මෙම සංචාරයේ නිරත වන බවය.

දිවයිනට පැමිණි දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ද්වි පාර්ශවික සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිත අතර මෙරට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ද හමුවීමට නියමිතව ඇත.

 

Related posts

අයවැය දෙවනවර ඡන්ද විමසීම අද

Mohamed Dilsad

සේනා වසංගතය ඇඹිලිපිටියටත් පැතිරෙයි .

Mohamed Dilsad

මධූෂ් ඇතුළු පිරිස අද ඩුබායි අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment