ප්‍රමුඛ පුවත 1

සේනා වසංගතය ඇඹිලිපිටියටත් පැතිරෙයි .

(UTV| කොළඹ) – මේ වන විට ලංකාවේ වගාබිම් වලට දැඩි ලෙස බලපා ඇති සේනා දළඹු උවදුර ඇඹිලිපිටියේ ගොවි බිම් වෙතත් පැතිර ගොස් තිබෙන බව වාර්තා වෙයි.

ඇඹිලිපිටිය කොළඹගේආර මන්චිවත්ත ප්‍රදේශයේ බඩ ඉරිඟු වගා බිම් රැසක් පුරා මේ වන විටත් සේනා දළඹුවන් ව්‍යාප්ත වී අවසන්.

සේනා දළඹුවන් ව්‍යාප්ත වූ ගොවි බිම් නිරීක්ෂණ කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇඹිලිපිටිය කාර්යාලයේ කෘෂි නිලධාරීන් පිරිසක් ඊයේ (24) සංචාරයක ද නිරත වී තිබේ.

එහිදී සේනා දළඹු උවදුරෙන් මුළුමනින්ම විනාශ වූ අක්කර එකහමාරක පමණ බඩ ඉරිඟු හේනක් කෘෂි නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වීඇත.

සේනා දළඹු වසංගතයට ගොදුරු වූ හේන් කඩිනමින් ගිනි තබා විනාශ කරන ලෙසට කෘෂි නිලධාරීන් එහිදී උපදෙස් ලබා දීඇත.

සේනා මේ වන විට බඩඉරිගු වගාවෙන් අඩක් පමණ විනාශ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යයන කටයුතු ඇණ හිටී

Mohamed Dilsad

වැලිකන්දේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

රැඳවියන් 4 දෙනෙකු පලා යයි

Mohamed Dilsad

Leave a Comment