ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා තේ ප්‍රවර්ධන වැඩපිළිවෙල ලෝකය පුරා ….

(UTV| කොළඹ) – ”ශ්‍රී ලංකා තේ ” ලෝකය පුරා ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින්  ක්‍රියාත්මක කිරීමට යන ප්‍රචාරක වැඩපිළිවෙල මැයි මස  අගභාගයේ දී චීනයේ බෙයිජිං නුවරින් ආරම්භ කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව මෙම තේ ප්‍රචාරක වැඩපිළිවෙල ජපානය,රුසියාව,එක්සත් ජනපදය,ජර්මනිය,යුක්‍රේනය හා ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් නවයක දියත් කිරීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ලුසිල් විජේවර්ධන මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට කියා සිටියි

සභාපති ලුසිල් විජේවර්ධන මහතා වැඩිදුරටත් පවසන්නේ ලෝක ජනප්‍රිය පුද්ගලයන් මාර්ගයෙන් ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගෙන නවතම ක්‍රමයට මෙම ප්‍රචාරක වැඩපිළිවෙල දියත් කිරීමට කටයුතු යොදා ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සැකකටයුතු ලිපි මුද්‍රණයට සම්බන්ධ උපකරණ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමත්‍යංශයේදී සොයා ගනී

Mohamed Dilsad

අනතුරකින් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගැන්වේ

Mohamed Dilsad

Leave a Comment