ප්‍රමුඛ පුවත 1

අනතුරකින් දෙදෙනෙකු මරුට

(UTV| පොළොන්නරුව) – හබරන ,මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද ප්‍රදේශයේදී කැබ් රථයක් සහ ලොරි රථයක් ඇළකට පෙරලීයාමෙන් කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු මියගොස් තවත් 9 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරේ.

පොලීසිය සදහන් කළේ වන අලියෙකු පාර හරහා ගමන් කිරීම හේතුවෙන් කැබ් රථය එම ස්ථානයේම නතර කර ඇති අතර ඊට පසුපසින් පැමිණි ලොරිය, කැබ් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

කැබ් රථයේ ගමන් කර ඇත්තේ වත්තල ප්‍රදේශයේ සිට අලූත් අවුරුදු සැමරීම සදහා වාලච්චේන ප්‍රදේශයේ ඥාතී නිවසකට යමින් සිටි පිරිසකි.

කැබ් රථයේ රියදුරා ඇතුලු පුද්ගලයන් 17 දෙනෙකු ගමන්කර ඇත.

සිද්ධියෙන් මියගිය කැබ් රථයේ ගමන් කළ කාන්තාවගේ වයස අවුරුදු 60 ක් වන අතර, මියගිය අනෙක් පුද්ගලයා එළවළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරියේ ගමන් කළ රිය සහායකයායි.

මෙම අනතුරෙන් තුවාල ලැබූ 9 දෙනාගෙන් දෙදෙනෙකු වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර අනෙක් 7 දෙනා පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

UTV නාලිකාව – දැන් PEO TV නාලිකා අංක 127 ඔස්සේ

Mohamed Dilsad

අගමැතිගෙන් මැතිවරණ නිළධාරීන්ට තුති

Mohamed Dilsad

කොරියානු විභාගයට අයදුම්පත් භාරගැනීම හෙටින් අවසන්

Mohamed Dilsad

Leave a Comment