ප්‍රමුඛ පුවත 1

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිගෙන් සුභපැතුම්…

(UTV| කොළඹ) – මෙතෙක් අප ලබා ඇති ජයග්‍රහණයන්හි ඵල භකුත් විඳිමින් ජාතික අපේක්ෂා සම්පූර්ණ කර ගැනීමට මේ අලුත් අවුරුද්දේ එක්සත්ව අධිෂ්ඨානයෙන් යුතුව පෙළ ගැසිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

අලූත් අවුරුද්ද නමැති අනර්ඝ සංස්කෘතික උත්සවය වෙළදපොල යාන්ත්‍රණයේ පරිභෝජනවාදී මතවාදයට ගැතිව ඇති කලෙක එහි ගැඹුරු හරය තේරුම් ගැනීම සදහා මෙවර අලූත් අවුරුද්දේ අවධානය යොමුවිය යුතු බව ජනාධිපතිවරයාගේ අදහසයි. සොබා දහම සමග ඒකාත්මික වීමේ අවශ්‍යතාව වඩවඩාත් දැනෙන මොහොතකට අප සියලූදෙනා එළඹ සිටින බවයි ජනාධිපතිවරයා සිය අලූත් අවුරුදු පණිවුඩයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

අලුත් අවුරුදු ප්‍රීතිය අත්විඳින මෙරට ආදරණීය ජනතාවට මෙන්ම එතෙර දිවි ගෙවන සියලු ශ්‍රී ලාංකික ජනතාවට සෞභාග්‍යයෙන් යුත් සාමකාමී සුබ අලුත් අවුරුද්දක් වේවායි  ජනාධිපතිවරයා එමගින් ප්‍රාර්ථනා කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ වෛද්‍යවරු වර්ජනය කල් දමයි

Mohamed Dilsad

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් පාසල්වල වැඩසටහන් සංවිධාන කෙරේ

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් මන්ත්‍රී “රත්තරන්” ට ඇප

Mohamed Dilsad

Leave a Comment