ප්‍රමුඛ පුවත 1

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් පාසල්වල වැඩසටහන් සංවිධාන කෙරේ

මත්ද්‍රව්‍ය භාවිතයට හා ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය සෑම වසරකම ජුනි මස 26 වැනි දිනට යෙදී තිබෙන අතර , ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් පාසල්වල විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපදෙස් ලබා දී තිබේ.

එම දිනය තේමා කරගනිමින් ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් ජුනි මස 23 දින සිට ජුලි 01 දින තෙක් සතිය තුළ මත්ද්‍රව්‍ය නිවාරණ කාල රාමුවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඊට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් සියලු පාසල් සිසුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව, මද්‍යසාර හා දුම්වැටි භාවිතය සමාජයෙන් තුරන් කිරීම වෙනුවෙන් පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ කාලරාමුව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සියලු පාසල් ප්‍රධානීන් විසින් පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව රැස්කර, අවශ්‍ය දැනුවත් කිරීම් සිදුකළ යුතු බවත්, අදාළ සතිය තුළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුවේ වගකීමක් වන බවත්, මේ සම්බන්ධ ව සියලු ම රජයේ පාසල්, පෞද්ගලික පාසල් සහ පිරිවෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් ලබා දී තිබේ.

Related posts

ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්.ප්‍රේමරත්න සහ ප්‍රවීන රංගන ශිල්පී ඉන්ද්‍රජිත් නාවින්න මහතා අභවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද අඩු පීඩනයෙන් ජලය

Mohamed Dilsad

අකුරැස්සේදී පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ පිරිසෙන් පස්දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment