ප්‍රමුඛ පුවත 1

ශ්‍රීමා දිසානායක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

(UTV| කොළඹ) – හිටපු අමාත්‍ය සිවංගත ගාමිණි දිසානායක මහතාගේ බිරිඳ වන ශ්‍රීමා දිසානායක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරේ.

ඇයගේ දේහය මේ වන විට කොළඹ විජේරාමයේ පිහිටි නවීන් දිසානායක මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අද(01) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

ශ්‍රීමා දිසානායක මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමතාත් ඊයේ(31) සහභාගී වූහ.

හිටපු අමාත්‍යවරයකු වූ ගාමිණි දිසානායක මහතාගේ බිරිඳ වන ශ්‍රීමා දිසානායක මහත්මිය පසුගිය සිකුරාදා පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.

ශ්‍රීමා දිසානායක මහත්මිය, අමාත්‍ය නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක යන මහත්වරුන්ගේ සහ වරුණි දිසානායක මහත්මියගේ මෑණියන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති තලවාකැලේ තේ පර්යේෂණ ආයතනයේ සංචාරයක

Mohamed Dilsad

මන්ත්‍රී ප්‍රසන්න රණවීරට පාර්ලිමේන්තු තහනමක්

Mohamed Dilsad

බේරුවල ධීවර යාත්‍රා අනතුර සමබන්ධයෙන් පුළුල් පරීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment