ප්‍රමුඛ පුවත 1

බේරුවල ධීවර යාත්‍රා අනතුර සමබන්ධයෙන් පුළුල් පරීක්ෂණයක්

(UTV| කොළඹ) – ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටීමෙන් ධීවරයින් 4 දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව කළ බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ(12) අලුයම බේරුවලින් මුහුදු ගිය මලිඳු පුතා නමැති ධීවර යාත්‍රාවකි මෙලෙස අනතුරට ලක්ව ඇත.

අනතුර සිදුවන විට බෝට්ටුවේ ධීවරයින් 7 දෙනෙකු යත්‍රාවේ සිටි බව වාර්තාවේ.

අනතුරින් තවත් ධීවරයින් තවත් දෙදෙනෙකු අතුරුදන්ව ඇති අතර එක් ධීවරයෙකු දිවි බේරාගනු ලැබු තිබේ.

පසුව කිමිඳුම්කරුවන් යොදවා කළ සෝදිසි කිරීමකදී මළ සිරුරු 4 ක් සොයාගෙන තිබේ.

ඔවුන්ගේ මෘත ශරීර ඊයේ(12) රාත්‍රි ගාල්ල නාවික හමුදා කඳවුරට ගෙන එමෙන් පසුව කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන ආවේය.

නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා සඳහන් කළේ, අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා යොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

කෙසේ වෙතත් මේවන විට සිද්ධිය සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුව ද පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ උපදෙස් පරිදි මෙම පරීක්ෂණය ආරම්භ කළ බව එම දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආමර් විදියේ වෙඩි තැබීමක්.අයෙක් මරුට

Mohamed Dilsad

සමස්ත ආසාදිතයන් යළිත් ඉහළට – අවසන් 16 දෙනාම කුවේට් සිට පැමිණි අයයි

Mohamed Dilsad

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ විශේෂ විමර්ශන වාර්තාව මේ සතිය තුල.

Mohamed Dilsad

Leave a Comment