ප්‍රමුඛ පුවත 1

පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් තත්වයක්…

(UTV| කොළඹ) – සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණු සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප්‍රභල අකුණු තත්ත්වයන්ද ඇතිවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තදසුළං ඇතිවිය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මැතිවරණ කොමිසමෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

ඩෙටනේටර් තොගයක් නුවරඑළියේ

Mohamed Dilsad

නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment