ප්‍රමුඛ පුවත 1

ආපදා හේතුවෙන් අස්ථානගතවු ජාතික හැඳුනුම්පත් යළි ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක්

(උදයම්,කොළඹ)  –  දිවයිනට බලපා ඇති අපදා තත්වයෙන් විපතට පත් වු ප්‍රදේශවල ජනතාවගේ අස්ථානගතවු ජාතික හැඳුනුම්පත් යළි ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව හැඳුනුම්පත නැතිවීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමෙන් පසු ග්‍රාම නිළධාරිවරයාගේ සහ ප්‍රාදේශිය ලේකම්වරයාගේ උපදෙස් මත නව හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ඉල්ලීම් කළ හැකි බව එම දෙපාර්තුමේන්තුව කියයි.

ඊට අදාළ අයදුම්පත් ග්‍රාම නිළධාරිවරයාගෙන් හෝ ප්‍රාදේශිය ලේකම්වරයාගෙන් ලබා ගත හැකි බවද එම ඉල්ලුම්පත් සඳහා ප්‍රමුඛතා ලබාදීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

Related posts

සයිටම් සිසුන් 40ක් අද කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩ වර්ජනයකට සැරසේ

Mohamed Dilsad

පිපිරීම් වලට සම්බන්ධ සැකකරුවන් 24ක් ගැන CID යෙන් පරීක්‍ෂණ

Mohamed Dilsad

Leave a Comment