ප්‍රමුඛ පුවත 1

ඉන්ධන මිල වෙනස් වෙයිද?

(UTV| කොළඹ) – ඉන්ධන මිල සුත්‍රයට අනුව සිදුවන මිල සංශෝධනය ඊයේ(11) දිනයේ සිදුනොකළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මේ මස 10 වන දින සති අන්ත නිවාඩු දිනයක් වූ බැවින් ඊයේ(11) දිනයේදී මිල සංශෝධනය සිදුකිරීමට නියමිතව තිබුණ ද එම මිල සංශෝධනය සිදු නොවුණු බව එම අමත්‍යාංශය කියයි.

ඒ අනුව ඉදිරියේදී මිල සංශෝධනය සිදුකරන දිනය පිළිබඳව නිශ්චිතව කිව නොහැකි බව  මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

ලෝක වෙළෙඳපළේ බොරතෙල් මිල ගණන් වල වෙනස්වීම මත ඉන්ධන මිල සුත්‍රය මඟින් මෙරට ඉන්ධන මිල සංශෝධනය කිරීම සිදුවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විනය පියවර ගැන මධ්‍යම කාරක සභාවේදී තීරණයක්

Mohamed Dilsad

වැල්ලවත්තේ ගැටුමට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පොලිසිය නව ඇමතුම් අංක 03ක් හඳුන්වා දෙයි.

Mohamed Dilsad

Leave a Comment