ප්‍රමුඛ පුවත 1

සෞදි පොදු සමා කාළය තුළ ශ්‍රී ලාංකිකයින් 2000ක් භාරවෙයි

(උදයම්,සෞදි අරාබිය )   –   සෞදි අරාබි රජයේ පොදු සමා කාලය තුළ එරට නීතිවිරෝධී ආකාරයට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 2000 කට වැඩි පිරිසක් භාරවී ඇති බව සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

මෙලෙස භාරවූවන් අතුරෙන් සියයට 60 කට වැඩි පිරිසක් කාන්තාවන් වේ.මෙලෙස භාරවූ පිරිසෙන් බහුතරයක් මේ වනවිට ශ්‍රී ලංකාවට පිටත් කර හැර ඇති බව සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මෙම පොදු සමාකාලය පසුගිය මාර්තු 29 වනදා සිට දින 90 ක කාලයක් බල පැවැත්වේ.

මෙම වැඩපිලිවෙළ යටතේ භාරවන පිරිස් කිසිදු දඩමුදලකට යටත් විමකින් තොරව යළි  ශ්‍රී ලංකාවට පිටත් කර යැවීමට තනාපති අංශය පියවර ගෙන තිබේ.

මේ වෙනුවෙන්  සෞදියේ රියාද් සහ යෙස්දා නුවරවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල පවතින අතර ඩමාම් නුවර ජංගම සේවා සැසියක් ද කිරියාත්මක කරනු ලබයි.

Related posts

බෝම්බ ප්‍රහාරයට සැකකරුවන් 44ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.

Mohamed Dilsad

සජිත් – මෛත්‍රීපාල අතර විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරිම් 30 වැනිදා

Mohamed Dilsad

Leave a Comment