ප්‍රමුඛ පුවත 1

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරිම් 30 වැනිදා

(UTV| කොළඹ) – කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ මෙරට ඉදි කෙරුණු අවසන් වාරි යෝජනා ක්‍රමයට අයත් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ලබන සිකුරාදා (30) විවෘත කිරීමට නියමිත බව එම ව්‍යාපාතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී. ජී. දයානන්ද මහතා පවසයි.

ජලාශයේ සමස්ත ජල පරිමාව අක්කර අඩි හය ලක්ෂ හැට දහසක් වන බවත් ඉන් කුඹුරු අක්කර අසූ දෙදහසක් අස්වැද්දීමට අපේක්ෂිත බවද හෙතෙම පැවසීය.

මොරගහකන්ද ජලාශයේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් වාර්ෂිකව ජාතික විදුලි පද්ධතියට කිලෝ වොට් 25 ක විදුලි ප්‍රමාණයක් එක්වන බැවින් වාර්ෂිකව ඉතිරි කෙරෙන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 336 ක් පමණ වන බව දයානන්ද මහතා වැඩිදුරටත් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උතුරු නැගෙනහිර ඉඩම්වලින් 94% ක් මුල් පදිංචිකරුවන්ට

Mohamed Dilsad

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට කාත්තන්කුඩි පොලිස් ස්ථානාධිපතිවරයා කැඳවයි

Mohamed Dilsad

එජාපය සහ චන්ද්‍රිකා අතර ගිවිසුම අත්සන් තබයි [LIVE]

Mohamed Dilsad

Leave a Comment