ප්‍රමුඛ පුවත 1

අම්බලමේදී බස් රථයක් අනතුරට අයෙක් මරුට.35ක් රෝහලේ

(UTV|මාවනැල්ල) – මාවනැල්ල පහළ කඩුගන්නාව ඉපැරණි අම්බලම ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් 35 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

බස් රථයට වේගය පාලනය කර ගත නොහැකිව විදුලි කණුවක ගැටී පෙරළීමෙන් අනතුර සිදුව ඇත.

ක්කරෙයිපත්තුව අට්ටාලචේන ගුරු විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් අලුත්ගම ප්‍රදේශයට විනෝද චාරිකාවක් සඳහා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත.

බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ එහි සිසුන් 54 දෙනෙකු සිට ඇති බව වාර්තා වේ.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ, අක්කරෙයිපත්තුව අට්ටාලචේන සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයකි.

අනතුරෙන් තුවාල ලැබූවෝ මහනුවර මහ රෝහලේ සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති.

බස් රථයේ රියැදුරු ද ඒ අතර වේ.

අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවරිදි බස් රථයේ සහයකයා මෙහිදී මිය ගොස් ඇති බව පොලීසය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඥානසාර හිමිට ඇප, නමුත් විදෙස් ගමන් තහනම්

Mohamed Dilsad

අමාත්‍යංශවලට අයත් විෂයන් ගැසට් කරයි [VIDEO]

Mohamed Dilsad

පළාත් පාලන සීමා නිර්ණය මේ මස 31ට පෙර ගැසට් මඟින්

Mohamed Dilsad

Leave a Comment