ප්‍රමුඛ පුවත 1

අමාත්‍යංශවලට අයත් විෂයන් ගැසට් කරයි [VIDEO]

(UTV | කොළඹ) – නව රජයේ අමාත්‍යංශවලට අයත් විෂය පථයන් ඇතුලත් ගැසට් නිවේනය ඊයේ (10) නිකුත් කරනු ලැබීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 – 1 ව්‍යවස්ථාවට සහ 46 – 1 ව්‍යවස්ථාවට අනුකූලව මෙලෙස අමාත්‍යවරුන්ට අයත් විෂයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන මෙමගින් ප්‍රසිද්ධ කර තිබේ.

ඒ අනුව ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, රාජ්‍ය රහස් තොරතුරු සේවය ගැසට් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේයි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු ආයතන 31 ක් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ගැසට් කර තිබේ.

සියළු ආගමික කටයුතු දෙපාර්තමේන්තු, මෙන්ම පුරාවිද්‍යා සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු ගැසට් කර ඇත්තේ බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය යටතේයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය මාධ්‍ය ආයතන ගැසට් කර ඇත්තේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශය යටතේයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ සේවක අර්ථ සාධක අරමුදල, නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශය යටතේ ගැසට් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහි නඩුවේ සාක්ෂි විභාගයට දින නියම කෙරේ

Mohamed Dilsad

ශ්‍රීලනිප නියෝජිත සමුළුව අද කොළඹදී

Mohamed Dilsad

ඉදිරි කාලගුණ තත්ත්වය මෙන්න

Mohamed Dilsad

Leave a Comment