ප්‍රමුඛ පුවත 1

සම්බා හා නාඩු සහල්වලට උපරිම සිල්ලර මිලක් [VIDEO]

(UTV | කොළඹ) – සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 99 කටත්, නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 98 ක උපරිම සිල්ලර මිලකටත් ඊයේ සිට නිකුත් කිරීමට මහා පරිමාණ සහල් මෝල් හිමියන් එකඟ වී තිබේ.

ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) කොළඹ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

මෙම සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශය, පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක නිලධාරීන් ද සහභාගී වූ බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අධ්‍යක්ෂ දුමින්ද ප්‍රියදර්ශන මහතා පැවසුවේ ය.

මෙම තීරණයත් සමඟ දැනට ඉහළ මිලකට අලෙවි වන සහල් මිල යළි පහළ යනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඥානසාර හිමියන්ගේ ඉල්ලීම අභියාචනාධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරේ

Mohamed Dilsad

හිටපු අගමැති දී.මු ජයරත්නට ජනපතිගේ අවසන් ගෞරවය

Mohamed Dilsad

කසල තේ සමඟ සැකකරුවන් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment