ප්‍රමුඛ පුවත 1

පස් වන ණය වාරිකය දෙන්න IMF නිලධාරීන් සාකච්ඡා කරයි

(UTV| කොළඹ) – ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් හා මුදල් අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ඊයේ(18) පැවැත්වුණි.

ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට නියමිත පස්වන ණය වාරිකය අනුමත කිරීමට අදාළවය.

එම නිරීක්ෂණ කටයුතු සඳහා ඔවුන් දිවයිනට පැමිණ තිබේ.

එම සාකච්ඡා සඳහා මහ බැංකු අධිපතිවරයා සහ මහා භාණ්ඩාගාර ලේකම්වරයාද එක්වූ බව මුදල් අමාත්‍යංශය පවසයි.

මෙම කණ්ඩායම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අමාත්‍යංශයවල නියෝජිතයින් සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

එම සාකච්ඡාවලින් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පිරිනමන 5 වන ණය වාරිකය අනුමත කිරීම සදහා ශ්‍රී ලංකාව අවශ්‍ය සුදුසුකම් සපුරා ඇත්ද යන්න සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සිය ස්ථාවරය පැහැදිලි කෙරෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්ත්‍රී විමල් වීරවංශ රක්ෂිත බන්ධනගාර ගත කෙරේ

Mohamed Dilsad

එජාප ජනපති අපේක්‍ෂකට සහය පලකරන කුරුණෑගල රැළිය අදයි [video]

Mohamed Dilsad

විශ්වවිද්‍යාල ගැටළු ඉදිරිපත් කිරීමට ඔම්බුඩ්ස්මන් මණ්ඩලයක්

Mohamed Dilsad

Leave a Comment