ක්‍රීඩා

කණ්ඩායමේ දුර්වලතා හදන්න හතුරු ඉවත් කිරීමෙන් හැකිවෙයිද?

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණූකරු චන්දික හතුරුසිංහ මහතාව ඉවත් කිරිමට සුදානමක් පවතින බව වාර්තාවේ.

ඊට අදාළ නිතීමය තත්වය පිළිබඳව විමසා බැලිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිතීඥවරුන් පියවර ගනිමීන් සිටින බව එම ආයතන ආරංචි මාර්ග පවසයි.

ඔහුගේ පුහුණූකාරීත්වය යටතේ පසුගිය මාස 13 තුළ කණ්ඩායම දැක්වු දුර්වල ක්‍රීඩා විලාශය මීට හේතුව වී ඇති බවත් පැවසේ.

චන්දික හතුරුසිංහ මහතාව 2018 ජනවාරී මාසයේදි වසර 03 ක ගිවිසුමකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පුහුණූකාර ධුරය සඳහා පත් කරගෙන ඇත්තේ වර්ෂයක රුපියල් මිලියන 90 ක වැටුපකට බවත් කියැවේ.

ඒ අනුව එ මහතාව ගිවිසුම් කාලයට පෙර තනතුරින් ඉවත් කිරිම අදාළ නිතී උපදෙස් පතා ක්‍රිකට් ආයතන නිතීඥවරුන් නිතීපති දෙපාර්තුමේන්තුවෙන් උපදෙස් පතා ඇති බවත් පැවසේ.

ඔහුගේ පුහුණුකාරිත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් තරග 42 ක සහභාගි වී ඇති අතර ඉන් තරග 24 ක් පරාජයට පත්ව තරග 14 ක් පමණක් ජයග්‍රහණය කිරිමට සමත්ව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය කල් දමයි

Mohamed Dilsad

2020 ටෝකියෝ ඔලිම්පික් කල් යයි

Mohamed Dilsad

පකිස්ථාන් සුපර් ලීග් ශුරතාව පේෂාවර් සල්මි කණ්ඩායමට

Mohamed Dilsad

Leave a Comment