ක්‍රීඩා

එංගලන්ත ක්‍රීඩකයන් තිදෙනෙකුට පළමු ටෙස්ට් තරග දෙකේදී විවේකයක්

(UTV| ඉන්දියාව) – පෙබරවාරි 5 වනදා චෙන්නායිහිදී ආරම්භ වීමට නියමිත ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරග දෙක වෙනුවෙන් ජොනී බෙයාස්ටෝ , මාක් වුඩ් හා සෑම් කරන් යන ක්‍රීඩකයන් තිදෙනා විවේක ගන්වා ඇත.

ඔවුන් තිදෙනා වෙනුවට ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියෙන් විවේක ගැන්වූ රෝරි බර්න්ස් , ජොෆ්රා ආචාර් හා බෙන් ස්ටෝක්ස් සංචිතයට ඇතුළත් කොට ඇත.

ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ජෝස් බට්ලර් නැවත එංගලන්තය බලා යාමට නියමිතය. ජොනී බෙයාස්ටෝ පළමු තරග දෙක සදහා විවේක ගන්වා ඇති බැවින් දෙවන තරගයේ කඩුලු රැකීමේ වගකීම බෙන් ෆෝක්ස්ට හිමි වනු ඇත. උරහිසේ ආබාධයකට ලක්ව සිටින ඔලී පෝප් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වුවහොත් ඔහුද ඉන්දියාවට එරෙහි තරගාවලියට එක් වනු ඇත.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට තරග 4 ක් ඇතුළත්ය.

 

Related posts

අසභ්‍ය වචන භාවිතා කිරීමේ වරදට ඉක්බාල්ට දඩ

Mohamed Dilsad

කල් දැමුණු විස්සයි විස්ස ලෝක කුසලානය 2022 දී

Mohamed Dilsad

වනිදු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 9 ක් IPL ක්‍රීඩක වෙන්දේසියට තෝරා ගැනේ

Mohamed Dilsad

Leave a Comment