ක්‍රීඩා

වනිදු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 9 ක් IPL ක්‍රීඩක වෙන්දේසියට තෝරා ගැනේ

(UTV| කොළඹ) – මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන අවසන් ක්‍රීඩක ලැයිස්තුව ඊයේ (11) ප්‍රකාශයට පත්කරනු ලැබීය.

වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 1114 දෙනෙකු ලියාපදිංචි වී සිටියද අවසන් ලැයිස්තුවට ඇතුළත්ව ඇත්තේ ක්‍රීඩකයින් 292 ක් පමණයි.

වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 9 ක්.

කෙසේවෙතත්, ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 31 දෙනෙකු පසුගියදා ලියාපදිංචි වී තිබුණි.

ඒ අනුව වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන්නේ කුසල් පෙරේරා, තිසර පෙරේරා, කෙවින් කොත්තිගොඩ, මහේෂ් තීක්ෂණ, විජයකාන්ත් වියස්කාන්ත්, වනිදු හසරංග, දුෂ්මන්ත චමීර, දසුන් ශානක සහ ඉසුරු උදාන යන ක්‍රීඩකයින්.

IPL ක්‍රීඩක වෙන්දේසිය ලබන 18 වනදා චෙන්නායි හී දී පැවැත්වීමට නියමිතයි.

 

Related posts

ඉසුරු උදානගේ විශිෂ්ට කඩුලු දඩයමෙන් කින්ග්ස් ජය ලබයි..

Mohamed Dilsad

බංග්ලාදේශය මෙරට ක්‍රිකට් සංචාරය ගැන තීරණයක් ගෙන නොමැත

Mohamed Dilsad

ලෝක පැරා ගෝන් ෆ්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

Mohamed Dilsad

Leave a Comment