ක්‍රීඩා

බංග්ලාදේශය මෙරට ක්‍රිකට් සංචාරය ගැන තීරණයක් ගෙන නොමැත

(UTV | බංග්ලාදේශය) – ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය කල් දැමීම සම්බන්ධයෙන් තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බව බංග්ලාදේශය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

එහි ප්‍රධාන විධායක නිසමුද්දීන් චෞද්‍රි ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බවයි.

කෙසේ නමුත් ඒ පිළිබද අවසාන තීරණයකට එළඹෙන්නේ රජයේ උපදෙස් පරිදි බව ඔහු අවධාරණය කළේය.

ලබන ජුලි මස මැද භාගයේදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

එම තරඟ සංචාරයට ටෙස්ට් තරඟ තුනක් ඇතුළත් වන අතර ඒවා කොළඹ, ගාල්ල සහ පල්ලේකැලේදී පැවැත්වීමටයි සැලසුම් කර තිබේ.

Related posts

LPL තරඟාවලියේ තරඟ කාල සටහන මෙන්න

Mohamed Dilsad

ශ්‍රී ලංකා පාසල් වයස් සිමා පිහිනුම් හා දියපිමි තරගාවලිය 29දා

Mohamed Dilsad

ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රීලංකා සංචිතය මෙන්න

Mohamed Dilsad

Leave a Comment