දේශීය

අන්තර්ජාලයේ ප්‍රචණ්ඩත්වය මුදා හරින වීඩියෝ ගැන විමර්ශනයක්

(UTV | කොළඹ) – මේ දිනවල සමාජ මාධ්‍යයේ සැරිසරන කුඩා දරුවන් කිහිප දෙනෙකු විසින් ප්‍රචණ්ඩත්වය මුදා හරින වීඩියෝපට සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම වීඩියෝ පටය සමාජ මාධ්‍යයේ සැරි සැරීම අවහිර කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිසමට දැනටමත් දැනුම් දී ඇති බව එහි සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසයි.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මේ දිනවල අන්තර්ජාලය හරහා දරුවන් ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලියට යොමු වීම හේතුවෙන් ඇතැම් දරුවන් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය තුළ අනිසි ලෙස හැසිරීම නිරීක්ෂණය වී ඇති බවයි.

මෙවැනි වීඩියෝපට වෙනත් ළමයින් විසින් අනුකරණය කිරීමේ හැකියාවක් පවතින බව ද එම සංගමය සඳහන් කළා.

මෙම වීඩියෝ දර්ශනවල ඇතුළත් ළමයින් පොළොන්නරුව සහ නිකවැරටිය යන ප්‍රදේශවලට සම්බන්ධ බවට හඳුනාගෙන ඇති බවත්  ඒ සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවත් ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති, මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ආගමික වැරදි විමර්ශනයට අලුත් ඒකකයක්

Mohamed Dilsad

සමස්ත ආසාදිතයින් 2612 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

පඬු­ක­රඳ ගසේ වන්දිය මිලි­යන 980ක්…?

Editor O

Leave a Comment