Trending Newsඑසැන පුවත්දේශීය

පඬු­ක­රඳ ගසේ වන්දිය මිලි­යන 980ක්…?

මධ්‍යම අධි­වේගි මාර්ගය ඉදිකිරී­මේදී ගම්පහ දාර­ළුව දුම්රිය ස්ථානය ආස­න්නයේ තිබූ පඬුකරද ගස ඉවත් නොකි­රී­මෙන් තම ඉදි­කි­රීම් ප්‍රමා­දය නිසා වූ පාඩුව වෙනු­වෙන් අදාළ චීන සමා­ගම රු මිලි­යන 980ක් වන්දි­යක් ලෙස ඉල්ලා ඇතැයි මධ්‍යම අධි­වේගි මාර්ග ව්‍යාපෘ­තියේ අධ්‍යක්ෂ ඉංජි­නේරු ආර්.එම්.ජේ.එන්. රත්නා­යක පවසා ඇත.

මේ මාර්ගය ඉදිකිරීම ප්‍රමාද වූ නිසා චීන සමා­ග­මට ගෙවිය යුතු සම්පූර්ණ වන්දි මුදල තව­මත් ගණන් බලා නැති බව පැවසූ ව්‍යාපෘ­තියේ අධ්‍ය­ක්ෂ­ව­රයා පෙන්වා දුන්නේ මේ වන විට එම වන්දි මුදල් ගණ­නය කර­මින් තිබෙන බවයි. පඬු­ක­රඳ ගස නිසි වේලා­වට ඉවත් කිරී­මට නොහැකි වීමෙන් පම­ණක් මෙසේ රු. මිලි­යන 1000කට ආසන්න මුද­ලක් රටට අහිමි වූ බවත්, එමෙන්ම 2022 වසරේ අප්‍රේල් සිට 2025 සැප්තැ­ම්බර් දක්වා කිසිදු ඉදිකිරී­මක් නොවූ හෙයින් මෙරට ගබඩා කිහි­ප­යක ගාල් කර හා ස්ථාපිත කර තිබූ චීන සමා­ගමේ යන්ත්‍ර සූත්‍ර වාහන ඇතුළු බොහෝ දේ යළි භාවි­ත­යට සකස් කිරී­මට ඔවුන්ට මාස 3ක පමණ කාල­යක් ඉල්ලා සිටි බවත් ඔහු පෙන්වා දුන්නේය.

සිළුමිණ

Related posts

President to visit Bangladesh in July

Mohamed Dilsad

අපනයන සඳහා විදේශ රටවල් පනවා ඇති තීරු බදු සංශෝධනය නොකළොත් ශ්‍රී ලංකා ආර්ථිකය අවධානමේ – ශ්‍රී ලංකා මහ බැංකුව

Editor O

74 වන ජාතික නිදහස් දින සැමරුම කොළඹ නිදහස් චතුරශ්‍රයේදී

Mohamed Dilsad

Leave a Comment