Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

අපනයන සඳහා විදේශ රටවල් පනවා ඇති තීරු බදු සංශෝධනය නොකළොත් ශ්‍රී ලංකා ආර්ථිකය අවධානමේ – ශ්‍රී ලංකා මහ බැංකුව

මෙරට විසින් විදේශීය වෙළෙඳපොළට යවන භාණ්ඩ සඳහා පනවා ඇති සහ අප රටේ භාණ්ඩ සඳහා එම රටවල් පනවා ඇති තීරුබදු අනුපාතයන් නැවත සලකා බැලීම අත්‍යවශ්‍ය බවට ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම ආර්ථික විවරණ වාර්තාව (2024) මගින් මේ බවට නිර්දේශ කර තිබේ. ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා පනවන ඕනෑම තීරු බද්දකින් රටේ අපනයන අංශයට විශාල බලපෑමක් ඇති කළ හැකි බවත් ඒ නිසා ඉක්මනින් මැදිහත් වීම සඳහා අවදානම් තත්ත්වයන් සලකා බැලිය යුතු බවත් ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

විශේෂයෙන් අන්‍යොන්‍ය තීරු බදු (රටවල් අතර ක්‍රියාත්මක තීරු බදු) පිළිබඳව සලකා බලා තීරු බදු ව්‍යුහයන් නැවත සමාලෝචනය කිරීම අත්‍යවශ්‍ය බවද මහ බැංකුව කියයි.

ඇමෙරිකානු රජයේ තීරු බදු වෙනස්කම්වලින් ශ්‍රී ලංකාවේ අනෙකුත් වෙළෙඳ හවුල්කාර රටවලටද ඇති විය හැකි බලපෑම නිසාද ශ්‍රී ලංකාවේ අපනයනයට අහිතකර බලපෑම් ඇති විය හැකි බවද මහ බැංකුව එම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

ඇමෙරිකානු රජයේ තීරු බදු ප්‍රතිපත්ති වෙනස්කම් නිසා ලෝක ආර්ථිකයේ ඇතිවිය හැකි පසුබෑම නිසා ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවලට ද බලපෑම ඇති විය හැකි බවත් පෙන්වාදෙන එම වාර්තාව තවදුරටත් අවධාරණය කරන්නේ මේ අවිනිශ්චිත ලෝක පරිසරය නිසා නිදහස් වෙළෙඳ ගිවිසුම් සක්‍රියව ක්‍රියාත්මක කිරීම සහ භාණ්ඩ වෙළෙඳාම විතැන්වීමේ (වෙනස්වීමේ) අවස්ථා ශ්‍රී ලංකාවට වාසිදායක ලෙස යොදා ගැනීම ප්‍රතිපත්තිමය සූදානම ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බවයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Related posts

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මේජර් ජෙනරාල් තනතුරට

Mohamed Dilsad

பயங்கரவாத தாக்குதலில் பாதிக்கப்பட்டவர்களுக்கு உலக முஸ்லிம் லீக் அமைப்பு ரூ. 100 கோடி நிதி

Mohamed Dilsad

රාජ්‍ය අමාත්‍යවරු 3 කගේ විෂය පථයන් ගැසට් කරයි

Mohamed Dilsad

Leave a Comment