දේශීයප්‍රමුඛ පුවත 1

සුනාමියෙන් මිය ගිය අය සිහිපත් කර හෙට නිහඬතාවය රකින්න [VIDEO]

(UTV | කොළඹ) – සුනාමි ව්‍යවසනය සිදුවී හෙට දිනට වසර 15 ක් සපිරේ.

මේ නිසා එම ව්‍යවසනයෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් හෙට දිනයේදී මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් පවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා.

ඒ අනුව හෙට පෙරවරු 9.25 සිට 9.27 දක්වා එම මිනිත්තු දෙකක නිශ්ශබ්දතාව රකින ලෙස එම මධ්‍යස්ථානය දැනුම් දීමක් කරයි.

2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා සිදුවු සුනාමි ඛේදවාචකයෙන් පුද්ගලයෝ 1,700 කට වඩා වැඩි පිරිසක් මිය ගියහ.

එහිදී මියගිය පිරිස සිහිපත් කිරීම සඳහා පැවැත්වෙන ප්‍රධාන ආගමික වැඩසටහන හික්කඩුව – තෙල්වත්ත – පැරලිය සුනාමි ස්මාරකය අභියසදී හෙට පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.

 

Related posts

දින100 සත්‍ය කතාව හෙළි කිරීමට සුදානම් – ජනපති කියයි

Mohamed Dilsad

පරීක්ෂා කිරීම් සිදුකරන පොලිස් නිලධාරීන්ට සිය බලපත්‍ර පෙන්වන ආකාරය [VIDEO]

Mohamed Dilsad

මැතිවරණය සම්බන්ධයෙන් ලබන සඳුදා අධිකරණයට විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment