දේශීය

ආගමික වැරදි විමර්ශනයට අලුත් ඒකකයක්

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුකෙරෙන ආගමික වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කර තිබේ.

 

ඒ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදිය.

 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා,

 

“පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට වැඩබලන පොලිස්පතිවරයා විසින් නියෝග සහ උපදෙස් ලබාදුන්නා සමාජ මාධ්‍ය ජාලා හරහා සිදුකරන ආගමික වැරදි සම්බන්ධයෙන් පැමිණිලි භාරගැනීමට වෙනමම ඒකකයක් ස්ථාපිත කරන්න කියලා.”

 

“ඒ අනුව අපරාධ විමර්ශන කොට්ඨාසයේ වෙනමම ඒකකයක් ස්ථාපිත කරනු ලැබුවා ආගම්වලට සිදුකරන අපහාස සම්බන්ධ පැමිණිලි විමර්ශනය කිරීම වෙනුවෙන්.”

 

ඒ අනුව මේ සම්බන්ධ පැමිණිලි මහජනතාවට 0112 300 637 අංකය ඔස්සේ දැනුම්දීමේ හැකියාව තිබේ.

 

ෆැක්ස් අංකය – 0112 381 045

 

ඊමේල් ලිපිනය – ccid.religious@police.gov.lk

 

මේ කුමන ආකාරයෙන් උවද පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව පොලීසිය පවසයි.

Related posts

පාස්පෝට් කාර්යාලයෙන් දැනුම්දීමක්

Editor O

දිසා විනිසුරුවරුන් ඇතුළු මහේස්ත්‍රාත්වරුන් 34 දෙනෙකුට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

ලකුණු කපා ගත් දෙපාර්තමේන්තුව ගැන අනාවරණයක්

Mohamed Dilsad

Leave a Comment