ක්‍රීඩා

ක්‍රිස් ගේල් අයි.පී.එල්. බුබුල කඩයි

(UTV | ඩුබායි) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රිස් ගේල් අයි.පී.එල් ජෛව ආරක්ෂණ බුබුලෙන් ඉවත්ව ඇති බව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම නිවේදනය කරනවා.

ජෛව ආරක්ෂණ බුබුලක් යටතේ සිටිමින් ක්‍රීඩාකිරීම නිසා ඇති වූ වෙහෙසකාරී තත්වය මත ඔහු මෙලෙස ඉවත් වූ බවයි එම කණ්ඩායමේ කළමනාකාරීත්වය සඳහන් කළේ.

අයි.පී.එල්. තරගාවලියට එක්වීමට පෙර ක්‍රිස්ගේල් කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට එක් වූ අතර, එහිදී ද ජෛව ආරක්ෂණ බුබුලකට යටත් ව ක්‍රීඩා කිරීමට ඔහුට සිදු වුණා.

ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත පන්දු වාර විස්ස ලෝක කුසලාන තරගාවලියට සාර්ථක ව මුහුණදීම සඳහා ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

Related posts

2021 IPL අදින් ඇරඹෙයි

Mohamed Dilsad

ලංකා ප්‍රිමියර් ලීගයේ ලාභය මිලියන 100ක්

Mohamed Dilsad

අජන්ත මෙන්ඩිස්වත් අභිබවා ගිය ඉන්දීයාවේ සාමී

Mohamed Dilsad

Leave a Comment