ක්‍රීඩා

ක්‍රිස් ගේල් අයි.පී.එල්. බුබුල කඩයි

(UTV | ඩුබායි) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රිස් ගේල් අයි.පී.එල් ජෛව ආරක්ෂණ බුබුලෙන් ඉවත්ව ඇති බව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම නිවේදනය කරනවා.

ජෛව ආරක්ෂණ බුබුලක් යටතේ සිටිමින් ක්‍රීඩාකිරීම නිසා ඇති වූ වෙහෙසකාරී තත්වය මත ඔහු මෙලෙස ඉවත් වූ බවයි එම කණ්ඩායමේ කළමනාකාරීත්වය සඳහන් කළේ.

අයි.පී.එල්. තරගාවලියට එක්වීමට පෙර ක්‍රිස්ගේල් කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට එක් වූ අතර, එහිදී ද ජෛව ආරක්ෂණ බුබුලකට යටත් ව ක්‍රීඩා කිරීමට ඔහුට සිදු වුණා.

ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත පන්දු වාර විස්ස ලෝක කුසලාන තරගාවලියට සාර්ථක ව මුහුණදීම සඳහා ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

Related posts

දිමුත් එක්දින නායකත්වයට

Mohamed Dilsad

කෝලි ඇතුළු ක්‍රීඩකයින් ආසියානු කුසලානයට නොඑන හේතුව

Mohamed Dilsad

දෙවන ටෙස්ට් තරගය සඳහා අසිත ප්‍රනාන්දු කැඳවයි

Mohamed Dilsad

Leave a Comment