ක්‍රීඩා

ලංකා ප්‍රිමියර් ලීගයේ ලාභය මිලියන 100ක්

(UTV | කොළඹ) – කොරෝනා වසංගතය මධ්‍යයේ පසුගිය වසරේ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී මිලියන 100ක ලාභයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකියාව ලැබී ඇත.  

පසුගිය නොවැම්බර් මාසයේ දී එල්.පී.එල් තරගාවලිය පැවැත්වූ අතර, එහි දෙවැනි අදියර ද මෙම වසරේ දී පැවැත්වීමට නියමිතයි.

කණ්ඩායම් හිමිකාරීත්වය සහ අනුග්‍රාහකත්වය ඔස්සේ මෙම ලාභය ලබා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරියෙකු විදෙස් මාධ්‍යකට සදහන් කර ඇත්තේ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අලෙවිකරණ සහ සංවිධාන අයිතිවාසිකම ඉන්දීය හිමිකාරීත්වය සහිත ඩුබායිහි සමාගමක් වන IPG සමාගම සතු වෙයි.

 

Related posts

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ගිනි සිලුව ධාවනය ඇරඹෙයි

Mohamed Dilsad

PCL තරඟාවලිය අතරතුර තවත් තිදෙනෙකුට කොරෝනා

Mohamed Dilsad

අල්-අමාන් ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රාහකයින්ට කුසලාන පිරිනැමීමේ

Mohamed Dilsad

Leave a Comment