ක්‍රීඩා

ලංකා ප්‍රිමියර් ලීගයේ ලාභය මිලියන 100ක්

(UTV | කොළඹ) – කොරෝනා වසංගතය මධ්‍යයේ පසුගිය වසරේ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී මිලියන 100ක ලාභයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකියාව ලැබී ඇත.  

පසුගිය නොවැම්බර් මාසයේ දී එල්.පී.එල් තරගාවලිය පැවැත්වූ අතර, එහි දෙවැනි අදියර ද මෙම වසරේ දී පැවැත්වීමට නියමිතයි.

කණ්ඩායම් හිමිකාරීත්වය සහ අනුග්‍රාහකත්වය ඔස්සේ මෙම ලාභය ලබා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරියෙකු විදෙස් මාධ්‍යකට සදහන් කර ඇත්තේ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අලෙවිකරණ සහ සංවිධාන අයිතිවාසිකම ඉන්දීය හිමිකාරීත්වය සහිත ඩුබායිහි සමාගමක් වන IPG සමාගම සතු වෙයි.

 

Related posts

දෙවන 20යි විස්සේ ජයත් ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

උස පැනීමෙන් ශ්‍රී ලංකා වාර්තාවක්

Mohamed Dilsad

IPL ආරම්භක තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ජය

Mohamed Dilsad

Leave a Comment