ක්‍රීඩා

අජන්ත මෙන්ඩිස්වත් අභිබවා ගිය ඉන්දීයාවේ සාමී

(UTV| කොළඹ) – ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සාමී ඉන්දීයාව වෙනුවෙන් වේගවත්ම එක්දින කඩුළු 100 ක් දවාගත් ක්‍රීඩකයා බවට පත් වෙමීන් වාර්තා පොත් අලුත් කිරිමට සමත් වෙයි.

ඒ නවසීලන්තය සමඟ අද (23) පැවැත්වෙන පළමු එක්දින තරඟයේදි මාර්ටින් ගප්ටිල්ගේ කඩුල්ල දවාගැනීමත් සමගයි.

ඒ අනුව එක්දින තරග 56 කදී සාමී සිය එක්දින කඩුළු 100 සම්පුර්ණ කිරිමට සමත් වු අතර මීන් පෙර ඉන්දීයාව වෙනුවෙන් වේගවත්ම එක්දින කඩුළු 100 දවාගත් වේග පන්දු යවන ක්‍රීඩක ඉර්ෆාන් පතාන් තරඟ 59 ක් වැය කර තිබේ.

ඒ අනුව වේගවත්ම කඩුළු 100 ක් දවාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ සය වැනි ස්ථානයට පත් විමට සාමී සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දඟ පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් තරග 63 කදී වේගවත්ම එක්දින කඩුළු 100 දවා ගැනිමට සමත්ව ඇත.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2019/01/match-01-23.jpg”]

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුසල් – විශ්ව ඇතුළු කිහිපදෙනෙක් ශ්‍රේණිගත කිරිම්හි ඉදිරියට..

Mohamed Dilsad

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පෙරමුණ කාටද?

Mohamed Dilsad

2018 වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය ලුකාට

Mohamed Dilsad

Leave a Comment