ප්‍රමුඛ පුවත 1

මොරගහකන්දේ ධීවරයින්ට මිලියන 05 ක් වටිනා ධීවර බෝට්ටු ලබාදෙයි…

(UTV| කොළඹ) – මොරගහකන්ද දිරිය ධීවර සමිතියට රුපියල් මිලියන 05 ක වියදමින් බෝට්ටු ලබාදීම ඊයේ (31) සිදුකෙරිණි.

බෝට්ටු ලබාදීමට අමතරව දිරිය ධීවර සමිතියේ සාමාජිකයින් 114 දෙනෙකුට මෙහෙයුම් බලපත්‍ර ලබාදීම ද සිදුකෙරිණි.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ශ්‍රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය හා ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය එක්ව ධිවර බෝට්ටු හා දැල් ඇතුළු ආම්පන්න බෙදාදීම මොරගහකන්ද ව්‍යාපෘති භුමියේ දී සිදුකෙරිණි.

මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වු පිරිස් යළි සවිබල ගැන්වීමේ අරමුණින් ධිවර සමිති පිහිටුවා අවශ්‍ය පහසුකම් ලබාදීම සිදුකළ බව මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ නේවාසික ව්‍යාපාර කළමණාකරු හේමන්ත ජයසිංහ මහතා කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු දිවයිනට

Mohamed Dilsad

වේවැල් කර්මාන්තය සුරැකීමට රජයේ සහය ලබා දෙන බව ඇමති රිෂාඩ් කියයි(වීඩියෝ)

Mohamed Dilsad

විශ්වාසභංගය නිසා ඇමතිකම් අත්හරී

Mohamed Dilsad

Leave a Comment