ප්‍රමුඛ පුවත 1

විශ්වාසභංගය නිසා ඇමතිකම් අත්හරී

(UTV| කොළඹ) – අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්ද දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ඊයේ රාත්‍රියේ සිට ජාතික ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඊයේ රාත්‍රියේ පැවැති සාකච්ඡාවේදී ඒ සදහා ජනාධිපතිවරයාගේ අවසරය හිමි වූ බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරු 16 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කළ අතර එහි එස්.බී දිසානායක, දයාසිරි ජයසේකර, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම විරක්කොඩි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා, අනුරාධ ජයරත්න, සුමේධා ජී. ජයසේන, ටී.බී. ඒකනායක, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, සුසන්ත පුංචිනිලමේ, තාරානාත් බස්නායක යන අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් සමග නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාය.

විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අමාත්‍යවරුන් 16 දෙනා සහ නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා ඊයේ(11) පස්වරුවේ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක නිරත වුණි.

දීර්ඝ අදහස් හුවමාරුවකින් අනතුරුව අමාත්‍යවරුන් 16 දෙනා සහ නියෝජ්‍ය කථානායකවරයා ඊයේ (11) මධ්‍යම රාත්‍රි යේ සිට සිය තනතුරුවලින් ඉවත් වීමට තීරණය කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ජනපතිට සුභ පැතුම්

Mohamed Dilsad

“සජිත් සමාජ විප්ලවය” මහනුවරදී එළිදැක්වෙයි [VIDEO]

Mohamed Dilsad

ලක්ෂ 39ක රත්‍රන් රේගුව භාරයට

Mohamed Dilsad

Leave a Comment