ප්‍රමුඛ පුවත 1

වගකීමෙන් සමාජ වෙබ් අඩවිවලට තොරතුරු සපයන්න – ඇමති හර්ෂ පාර්ලිමේන්තුවේදී කියයි

(UTV| කොළඹ) – මහනුවර ප්‍රදේශයේ ඇති වූ සිදුවීම් පිටුපස සිටින අන්තවාදී කණ්ඩායම් කවුරුන්දැයි සොයා බැලිය යුතු බවත් මේ සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපති කොමිෂමක් පත් කරන්නැයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා අද (9) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.

“රටේ අන්තර්ජාලය හරහා වේගයෙන් බොරු ප්‍රචාරය වෙනවා. සාමජ මාධ්‍ය හරහා ඕන දෙයක් කියන්න පුළුවන්.  මේ සමජ මාධ්‍ය වහන්න සිදු වුණා. බොරු ප්‍රචාර නැවතුණා. අද වෙනකොට සමතයකට පත්වෙමින් තිබෙනවා.

සිද්ධිය පිටුපස සිටින අන්තවාදී කණ්ඩයම් කවුද කියලා සොයන්න අවශ්‍යයි. ස්වාධීනව මේ ගැන සොය බලන්න ජනාධිපති කොමිෂමක් පත් කරන්න.

මේ සිද්ධිවල අනුබල දෙන අන්තවාදි කණ්ඩායම් ක්‍රියාත්මක වන්නේ කොහොමද කියලා කොමිෂමෙන් සොයා බලන්න ඕන. වගකීමෙන් සමාජ වෙබ් අඩවිවලට තොරතුරු සැපයිය යුතුයි. සාමාන්‍ය ජනතාවට සාධාරණ බයක් ඇතිවෙලා තිබෙනවා. අන්තවාදී කණ්ඩායම් වලට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

මෙවැනි සිදුවීම් ඇතිවීම නතර කළ යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය”.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පුද්ගලයින් 25,000ක් තවදුරටත් සහන කඳවුරුවල: මියගිය පිරිස 214 දක්වා ඉහලට

Mohamed Dilsad

හෙට මුළු දිවයිනටම ඇඳිරි නීතිය [PRESS RELEASE]

Mohamed Dilsad

අධිවේගි මාර්ගයේ පෑලියගොඩ පිවිසුම තාවකාලිකව වසා දැමේ

Mohamed Dilsad

Leave a Comment